Free PC Clinic Logo

Free PC Clinic Sri Lanka Title


Contact US  •  About Us  •  Comments  • 

----------------------------------------------------------------------------------------------------------------------

Viruses Infecting From USB Pen Drive/Flash Drive

 PC Clinic Sri Lanka Logo  

USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාව්තයෙන් පැතිරෙන පරිගණක වෛරස

What is a USB Flash Drive or Pen Drive?

පෙන් ඩ්‍රයිව්/ප්ලෑෂ් ඩ්‍රයිව් කියන්නේ මොකක්ද?

ප‍්fලෑෂ් ඩ්‍රයිව් හෝ පෙන් ඩ්‍රයිව් (මෙමරි ස්ට්ක් ලෙසද හඳුන්වයි) යනු පරිගණකයට සවිකිරීම සඳහා USB connector එකක් සමග එන දත්ත ගබඩා කිරීමේ උපකරණයකි. ප‍්fලෑෂ් ඩ්‍රයිව් ඉතා කුඩා , හුරුබුහුටි , සැහැල්ලු , නැවත නැවත දත්ත ලිවිය හැකි, පහසුවෙන් ගෙන යා හැකි ආකාරයකට නිපදවා ඇති අතර ප‍fලෑෂ් ඩ්‍රයිව් භාවිතයෙන් ඔබට ඔබේ වටිනා දත්ත එක් පරිගණකයකින් තවත් පරිගණකයකට ගෙන යා හැක.

ප‍්fලෑෂ් ඩ්‍රයිව් අනෙකුත් දත්ත ගෙන යෑමේ උපකරණ හා සැසඳීමේදී වීශේෂයෙන් පොfලොපි ඩිස්ක් හා සැසඳීමේදී වඩාත් කාර්යක්ෂම , විශ්වාසදායි , වැඩි කාලයක් භාවිතා කළ හැකි , පොfලොපි ඩිස්ක් එකකට සාපේක්ෂව ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි උපකරණයකි.

Can the Flash Drive be infected with a virus?

ප‍්fලෑෂ් ඩ්‍රයිව් වලට පරිගණක වෛරස ඇතුල් විය හැකිද?

ප‍්fලෑෂ් ඩ්‍රයිව් පරිගණකයකින් පරිගණකයකට දත්ත ගෙන යෑම සඳහා නිතර නිතර භාවිතා වන ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි. නමුත් මේවායේ ඇති භාව්තයට පහසු බව , ප්‍රයෝජනවත් බව , සුලභ බව නිසා පරිගණක වෛරස නිර්මාණකරවන්ගේ අවධානයට ලක්වීමෙන් , ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාවිතයෙන් පරිගණක වෛරස පැතිරීමේ අවධානම ඉතා ඉහල ප්‍රතිශතයක් බවට පත්ව ඇත.


ඔබ පරිගණක වෛරස ආසාදිත පරිගණකයකින් දත්ත ගොනු (files: Document,Games,etc) ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකකට කොපි කර ගැනීමේදී එම පරිගණක වෛරස ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකටද ඇතුලත් වේ. අනතුරුව එම ප‍්fලෑෂ් ඩ්‍රයිව් එක වෙනත් ඕනෑම පරිගණකයකට ඇතුල් කිරීමේදී එම පරිගණකයකයටද එම වෛරසය ඇතුලත් වේ.


Viruses Infecting From USB Flash Drive

USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාව්තයෙන් පැතිරෙන පරිගණක වෛරස

මෙම වෛරස USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් වැනි පරිගණකයෙන් ඉවතට ගෙන යා හැකි (Removable) දත්ත ගබඩා කිරීමේ උපකරණ භාව්තයෙන් පැතිරේ. මෙම වෛරස ආසාදිත පරිගණකයේ ටාස්ක් මැනේජර් (Task Manager) , කොමාන්ඩ් ‍ප්‍රොම්ප්ට් (Command Prompt) , රෙජිස්ට්‍රි එඩිටර් (Registry Editor), පොලිසි එඩිටර් (Policy Editor) ආදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාලනය කළ හැකි මෙවලම් අඩපන/අක්‍රිය (Disable) කරන අතර ටූල්ස් මෙනුවේ (Tools menu) පෝfල්ඩර් ඔප්ෂන් (Folder Option) ඉවත් කරයි. මීට හේතුව පරිගණකය භාවිතා කරන්නා විසින් පරිගණක වෛරසයේ පරිගණකයට හානිකර ක්‍රියාකාරකම් ඉහත දැක්වු වින්ඩෝස් මෙවලම් (Tools) භාව්තයෙන් වළක්වලිය හැකි වීමයි.

මෙම වෛරස වින්ඩෝස් මෙහෙයුම් පදධතිය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ගොනු (system files ) සඳහා භාව්තා කර ඇති (SVCHOST.exe වැනි) නම් වලට සමාන නම් වලින් බොහෝ විට පෙනී සිටි. උදාහරණ ලෙස SVCHOTS.EXE , SSVICHOSST.EXE, SVICHOSSST.EXE, RVHOST.EXE, SVICHOSST.EXE, ආදිය ගත හැක. ඔබේ ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකේ හෝ පරිගණකයේ මෙවැනි ‍නම් වලින් ගොනු දැකිය හැකි නම් බොහෝ විට මෙවැනි පරිගණක වෛරසයක් ඇතුල් වී තිබිය හැක. බොහෝ විට ඔබට අයත් නොවන ගොනුවක් ඔබේ ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකේ ඇත්නම් වෛරසයක් විය හැක. ඔබට මෙවැනි සැක සහිත ගොනුවක් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් අවශ්‍යනම් අපෙන් විමසන්න.

ඉහත දක්වා ඇත්තේ , මෙම වෛරස ඔබේ පරිගණකයට සිදුකරන හානි වලින් සරල ක්‍රියාකාරකම් ස්වලපයක් පමණි. ඊට අමතරව ඔබේ පරිගණකයට හානි සිදුවන ක්‍රියාකාරකම් මෙ‍ම පරිගණක වෛරස වල අඩංගු කර තිබේ.

How to remove them ?

මෙම වෛරස ඉවත් කර ගන්නේ කෙසේද?

මෙ‍ම autorun වෛරස ඉවත් කිරීම සඳහා අප නොමිලේ ලබා දෙන Autorun-Virus-removal.exe වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩසටහන භාවිත කරන්න. පළමුව එය ඔබේ පරිගණකයට පහත දී ඇති ලින්ක් එක භාවිතයෙන් save (Download) කර ගන්න. අනතුරුව එය double click කර ක්‍රියාත්මක වීමේදී අදාල උපදෙස් පිලිපදින්න.

මෙම වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩසටහන භාවිතයෙන් ඔබට,

-අක්‍රිය වී ඇති Task Manager , Command prompt , Registry Editor , Policy Editor සක්‍රිය කිරීම

-Tool මෙනුවේ Folder Option නැවත ලබා ගැනීම

-සැඟවුනු (Hidden) Folders නැවත ලබා දීම

-මෙම වර්ගයට අයත් වෛරස් files ඉවත් කිරීම

සිදුකරගත හැක.

Autorun-Virus-removal.exe වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩසටහන (Download) කර ගන්න මෙතන ක්ලික් කරන්න.

Down load the tool now ..


Important:වැදගත්

මෙම වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩසටහන සම්පූර්ණ වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩ සටහනක් (Anti-Virus guard) නොවේ. මෙය සකස් කර ඇත්තේ මෙම වැඩසටහන නිර්මාණය කරන දිනට හඳුනාගත් මෙම ප‍්fලෑෂ් ඩ්‍රයිව් වලින් පැතිරෙන වෛරස් වර්ග පමණක් ඉවත් කිරීම හා ඔබේ පරිගණකයට එම වෛරස් මගින් සිදුකරන ලද හානි ඉවත් කිරීම සඳහා පමණී.

එබැවින් නිතර www.freepcclinic.com පරීක්ෂාකිරීමෙන් මෙම වෛරස වල නව හඳුනාගැනීම් ඉවත් කිරීම සඳහා අප ලබා දෙන removal tools download කර ගන්න. ඔබට තව දුරටත් මෙ‍ම වෛරස හෝ පරිගණක පිළිබඳ ගැටළු ඇතනම් පහත ක්ලික් කර අපට දැනුම් දෙන්න. PC Doctor ගෙන් විමසන්න.

Follow these step to keep your computer free of those viruses/පහත උපදෙස් පිලිපැදීමෙන් ඔබේ පරිගණකයට වෛරස ඇතුළ් වීම වලක්වා ගත හැක

1. නිසි පරිදි ක්‍රියාත්මකවන නිතිපතා නව වෛරස් ඉවත් කිරීමට අළුත් වන ලොව පිළිගත් වෛරස් ඉවත් කිරීමේ වැඩසටහනක් (Anti-Virus Program) භාවිත කරන්න. Ex:-Kaspersky,TrendMicor,Norton,Macfee,Avg, Sophos,etc

2. ඔබේ වෛරස් ඉවත් කිරීමේ වැඩසටහන (Anti-Virus Program)නිසි පරිදි දින පතා හෝ අවම වශයෙන් සතියකට සැරයක්වත් යාවත්කාලනය (update) කරගනිමින් පවත්වා ගන්න. Keep upto date

3. ප‍්fලෑෂ් ඩ්‍රයිව් එක පරිගණකයට සවිකල (plug) පමණින් විවෘත (open) කිරීමෙන් වළකින්න.

4. ප‍්fලෑෂ් ඩ්‍රයිව් එක පරිගණකයට සවිකල (plug) ගමන් වෛරස සඳහා පරික්ෂා කර ගන්න, ( ඔබේ වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩ සටහන (උදා-Kaspersky,Norton,Macfee,Avg,etc) භාව්තයෙන් )

ඉහත දැක්වූ උපදෙස් පිළිපැදීමට ඔබට නොතේරේ නම් හෝ යම් ගැටළුවක් වේ නම් PC Doctor ගෙන් විමසන්න.කරුණාකර විමසීමේදී ඔබ භාවිතා කරන වෛරස් ඉවත් කිරීමේ වැඩසටහන (Anti-Virus Program) සඳහන් කරන්න.

වෛරස් ගැන වැඩිපුර විස්තර දැන ගැනීම සඳහා Anti-Virus වෙබ් පිටුව බලන්න.

----------------------------------------------------------------------------------------------------------------------



Sinhala Unicode:

 PC Clinic Sri Lanka Logo

සිංහලෙන් කියවන්න ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය ICT Agency of Sri Lanka ,නොමිලයේ ලබා දෙන සිංහල යුනිකෝඩ් පැකේජය හෝ යුනිකෝඩ් පොfන්ට් ලබා ගෙන ඔබේ පරිගනකයට ස්ථාපිත (install) කර ගන්න. මේ සඳහා පහත බට්න් එක ක්ලික් කරන්න. සියුළු උපදෙස් එම වෙබ් අඩවියේ ඇතුලත් වේ. සිංහල කියවීම හෝ සිංහල ඔබේ පරිගණකයට ඇතුලත් කර ගැනීමේ යම් ගැටළුවක් වේ නම් පහත ලින්ක් එක ක්ලික් කර අපට ලියන්න. අපි ඔබට සහය වන්නේමු.

www.siyabas.lk අඩවියෙන් නොමිලයේ ලබා දෙන සිංහල යුනිකෝඩ් පැකේජය හා පොfන්ට් ලබා ගැනීමට මෙහි ක්ලික් කරන්න. ීසබය්Sinhala Ganna-www.siyabas.lk

Malithi Web පො‍fන්ට් එක ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න.

මෙ‍ම වෙබ් අඩව්යේ සිංහල කියවීමේ හෝ ඔබට සිංහල යුනිකෝඩ් ගැටළුවක් වේ නම් අපට මෙතන ක්ලික් කර දැනුම් දෙන්න. Contact PC Doctor

----------------------------------------------------------------------------------------------------------------------










   Back to top
About Us  •  Contact Us  •  Comments