Skip available courses

Available courses

5 වසර ශිෂ්‍යත්ව විභාගය යනු ප්‍රාථමික පාසල් වල අවසාන වසරේදී එනම් 5 ශ්‍රේණියේදී අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන විභාගයයි. 5 වසර ශි්‍ෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව සිසුන්ට ශීෂ්‍යත්ව ලබා දීමත් ජාතික හා මධ්‍ය මහා විද්‍යාලවලට සිසුන් අැතුළත් කර ගැනීමත් සිදුකෙරේ. එනමි 5 වසර ශී්‍ෂ්‍යත්ව විභාගය යනු ශ්‍රී ලංකීය සිසු දරු දැරියන්ගේ ඉතාමත් වැදගත් කඩඉම් විභාගයකි.

සුරතල් ‍ කෙළි දෙලෙන් ගත කරන වයසේදී  5 වසර ශිෂ්‍යත්ව කඩඉම්  විභාගයට මුහුණ දිය යුතු නිසා බොහෝ සිසුන් බරපතල ලෙස පීඩනයකින් පසුවේ. බොහෝ විට ඔවුන්ගේ දෙමවිපියන්ගෙනුත් ගුරුභවතුන්ගෙනුත් එල්ලවන බලපෑම මේ සඳහා හේතු සාධක වී ඇත.

කෙසේ වුවද පරිගණක භාවිතයෙන් නවීන තාක්ෂණය හා මුසුව විනෝදයෙන් ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය අධ්‍යයන කටයුතු කළ හැකි නම්  එය සිසුන් අතර වඩාත් ජනප්‍රිය වීය හැකි බව www.freepcclinic.com වෙබ් අඩවිය පවත්වා ගෙන යන අප තේරුම් ගන්නා ලදී.

එබැවින් තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීමට අප විසින් ආරම්භ කරන ලද www.freepcclinic.com/elearn ලින්ක් එක ඔස්සේම ශිෂ්‍යත්ව අත්වැළ නමින් 5 වසර සිසු දරු දැරියන් උදෙසා  දුරස්ථ ඉලෙක්ට්‍රොනික වෙබ් අඩවිය හඳුන්වා දී ඇත. එමෙන්ම අපගේ ශ්‍රී ලාංකීය සිංහල සිසු දරු දැරියන්ට මෙම ශිෂ්‍යත්ව අධ්‍යයන පාඨමාලාව සම්පූර්ණයෙන් නොමිලේ භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇත. මෙම පාඨමාලාව සාර්ථක කර ගැනීමට ඔබගේ උපදෙස්/අදහස් හා යෝජනා අපි එක පහන් සිතින් පිළිගන්නේමු. ඒ සඳහා ‍pcclinicfree@gmail.com ඊ-මේල් ලිපිනයෙන් අප හා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

දයාබර දූ දරුවනි ඔබ නිසි පරිදි මෙය භාවිත කර උසස් ප්‍රතිථල අත්කර ගනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

ශිෂ්‍යත්ව අත්වැළ - www.freepcclinic.com/elearn පිවිසෙන්න ක්ලික් කරන්න.

5 ශීෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට ශීෂ්‍යත්ව විභාගයට අත්‍යවශ්‍ය කරුණු සාරාංශගතව ඇතුලත් කර මෙම  පාඨමාලාව සකස් කර ඇත. මෙම දුරස්ථ ඉලෙක්ට්‍රොනික පරිගණක ඉගෙනුම් වැඩ සටහන තුල ‍ සිසු දරු දැරියන්ට වාඩාත් ආකර්ශනීය හා සිත් ඇදගන්නා සුළු ආකාරයට සකස් කරන ලද පාඩම් මාලා මෙන්ම ඇගයීම් හා පරීක්ෂණද පසුගිය විභාග ප්‍රශ්න පත්‍රද අඩංගු කර ඇත.

මෙම ඇගයීම් හා විභාග අවසානයේ ඔවුන්ගේ හරි වැරදි පරීක්ෂාකර ලකුණුද එවෙලේම පරිගණක වැඩසටහන හරහා ලබා දෙනු ලැබේ. එමෙන්ම අපේ ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් මෙම වටිනා වැඩ සටහන අන්තර්ජාල‍ය ඔස්සේ නොමිලේ ලබා දීමට කටයුතු කිරීම අපගේ සුවිශේෂත්වයයි.

ඔබට මෙම වෙබ් අඩවියේ සේවය අගයමින් අපට යම් ආධාර උපකාරයක් කිරීමට ඔබට සිත්පහල වේනම් එය ඉතාමත් අගය කරන අතර ඒ සඳහා pcclinicfree@gmail.com ඊ්-මේල් ලිපිනයෙන් 0713884774 දුරකතනය හරහා අප හා සම්බන්ධවිය හැක.

මෙම පාඩම් මාලාවට පිවිසීම සඳහා www.freepcclinic.com වෙබ් අඩවිය ලිපිනය හොඳින් මතක තබා ගන්න.

Free PC Clinic –  දුරස්ථ ඉලෙක්ට්‍රොනික පරිගණක ඉගෙනුම් වැඩ සටහනට හා 5 වසර ශීෂ්‍යත්ව අත්වැලට පිවිසීමට  පහත ලිනික් එක ක්ලික් කරන්න

http://www.freepcclinic.com/elearn/



Skip Calendar