Free PC Clinic Logo

Free PC Clinic Sri Lanka Title


Contact US  •  About Us  •  Comments  • 

----------------------------------------------------------------------------------------------------------------------

DualCore vs Core2Duo

වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද (Core2Duo)

 PC Clinic Sri Lanka Logo  
Core2Duo vs Dual-Core

බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ යාවත්කාලනය (වැඩි දියුණ කිරීමේදි/ upgrade කිරීමේදි) කිරීමේදී ඩුවල් කෝ(ර්) (DualCore) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා කො(ර්) ටු ඩු(වෝ) (Core2Duo) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ.

පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද සත්තකින්ම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දී නොමැත. Dual Core යනු Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමය වේ. එනම් ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වන්නේද Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගත හැක.

එබැවින් ඔබ පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක. ඔබට Core2Duo හෝ Dual-Core පිළිබඳ යම් ගැටළුවක් වේ නම් PC Doctor ගෙන් විමසන්න


   Core-Duo
 CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz
   Pentium Dual-Core
එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz
   Celeron Dual-Core
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512MB, Front Side Bus-800MHz
   Pentium D
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz
   Core2Duo
  එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz

----------------------------------------------------------------------------------------------------------------------



Sinhala Unicode:

 PC Clinic Sri Lanka Logo

සිංහලෙන් කියවන්න ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය ICT Agency of Sri Lanka ,නොමිලයේ ලබා දෙන සිංහල යුනිකෝඩ් පැකේජය හෝ යුනිකෝඩ් පොfන්ට් ලබා ගෙන ඔබේ පරිගනකයට ස්ථාපිත (install) කර ගන්න. මේ සඳහා පහත බට්න් එක ක්ලික් කරන්න. සියුළු උපදෙස් එම වෙබ් අඩවියේ ඇතුලත් වේ. සිංහල කියවීම හෝ සිංහල ඔබේ පරිගණකයට ඇතුලත් කර ගැනීමේ යම් ගැටළුවක් වේ නම් පහත ලින්ක් එක ක්ලික් කර අපට ලියන්න. අපි ඔබට සහය වන්නේමු.

www.siyabas.lk අඩවියෙන් නොමිලයේ ලබා දෙන සිංහල යුනිකෝඩ් පැකේජය හා පොfන්ට් ලබා ගැනීමට මෙහි ක්ලික් කරන්න. ීසබය්Sinhala Ganna-www.siyabas.lk

Malithi Web පො‍fන්ට් එක ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න.

මෙ‍ම වෙබ් අඩව්යේ සිංහල කියවීමේ හෝ ඔබට සිංහල යුනිකෝඩ් ගැටළුවක් වේ නම් අපට මෙතන ක්ලික් කර දැනුම් දෙන්න. Contact PC Doctor

----------------------------------------------------------------------------------------------------------------------










   Back to top
About Us  •  Contact Us  •  Comments